වේගවත් සහ පෞද්ගලික
ඇන්ඩ්‍රොයිඩ් සඳහා Firefox ඉතා වේගයෙන් පිටු පූරණය කරන අතර පෞද්ගලිකත්‍ව රැකවරණයක් ද සපයයි. දියුණු කළ ලුහුබැඳීමේ රැකවරණය මගින් ඔබගේ පිටු මන්දගාමී කරන සහ අන්තර්ජාලය පුරා ඔබව හඹා යන මාර්ගගත ලුහුබැඳීම් ස්වයංක්‍රීයව අවහිර කරයි.
වරක් තට්ටු කිරීමෙන් පෞද්ගලික ප්‍රකාරයට
එක් වරක් තට්ටු කිරීමකින් පෞද්ගලික පිරික්සුම් ප්‍රකාරය වෙත ප්‍රවේශ වන්න. තවද ඔබ එම ප්‍රකාරය වසා දැමූ විට, පිරික්සුම් ඉතිහාසය ඔබගේ උපාංගයෙන් ස්වයංක්‍රීයව මැකී යයි.
ඔබට රිසි අයුරින් සොයන්න
විශාල දුරකථනයක් මිලදී ගත්තා ද? නමුත් ඇඟිලි පුංචියි ද? කිසිදු ගැටලුවක් නැහැ. ඇන්ඩ්‍රොයිඩ් සඳහා Firefox සෙවුම් තීරුව මුදුනෙහි සිට පහළට ගෙනයාමට ඉඩ සලසයි. අතිරික්සුවට ඔබගේම සෙවුම් යන්ත්‍රයක් යෙදීමට හැකි අතර, ඔබට වුවමනා නම් Firefox පෙරනිමි අතිරික්සුව ලෙස සැකසීමට හැකිය.
අඳුරු ප්‍රකාරය මගින් බලය සුරකින්න
ඇස්වල ආතතිය අඩු කර ගැනීමට සහ ඔබගේ විදුලි කෝෂයෙහි බලය බැස යාම අවම කිරීම සඳහා ඕනෑම වේලාවක අඳුරු ප්‍රකාරයට මාරු වන්න.
මුල් තිරය අයිති කරගන්න
අන්තර්ජාලයේ ඔබ සැලකිලිමත් වන දේවල් වලට වේගයෙන් ළඟා වන්න. ඔබගේ විවෘත පටිති, මෑත සෙවීම්, පොත්යොමු සහ ප්‍රියතම අඩවි සියල්ලම එක තැනකින් බලන්න.
එක්කහු සමඟින් Firefox බල ගන්වන්න
එක්කහු යනු පෙරනිමි පෞද්ගලික සැකසුම් ඉහළ නංවාලීමට සහ ඔබගේ අත්දැකීම අභිරුචිකරණය සඳහා මෙන්ම තවත් බොහෝ දෑ සිදු කිරීමට අතිරික්සුව වෙත එක් කිරීමට හැකි බලවත් කුඩා මෙවලම් ය.
ඔබ නතර කළ තැනින් අරඹන්න
දුරකථනයෙන් ඔබගේ වැඩතලයට, අත්ල පරිගණකයට යන්න. ඔබගේ සියළුම උපාංගවල Firefox තිබේ නම්, ඔබ යන ඕනෑම තැනකට ඔබගේ පොත්යොමු, මුරපද, සුරකින ලද පිවිසුම් සහ පිරික්සුම් ඉතිහාසය රැගෙන යාමට හැකිය.
දුරකථනයෙහි මුල් තිරයෙන් සොයන්න
යෙදුම අරින්න වුවමනා නැහැ. ප්‍රධාන සෙවුමට Firefox එක් කර ඔබගේ උපාංගයෙහි මුල් තිරයෙන් කෙලින්ම අන්තර්ජාලයෙහි සොයන්න.
ඔබගේ තිරයට දෘශ්‍යක අමුණන්න
ඔබ වියමනෙහි සැරිසරන විට සහ වෙනත් දෑ සිදු කරන විට නැරඹීම සඳහා අඩවිවලින් හෝ වාදක වලින් දෘශ්‍යක පිටතට ගෙන ඒවා දුරකථනයෙහි තිරයේ මුදුනට අමුණන්න. කාර්ය කිහිපයක් අතරතුර විනෝදයෙන් සිටින්න.
Mozilla ගැන
සැමට ප්‍රවේශ වීමට හැකි පොදු සම්පතක් අයුරින් අන්තර්ජාලය තැනීම සඳහා Mozilla පවතී, මන්ද සංවෘත සහ පාලිත තත්‍වයකට වඩා විවෘත සහ නිදහස් බව යහපත් යැයි විශ්වාස කරන නිසාය. තෝරා ගැනීම, විනිවිදභාවය සහ පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා Firefox සහ Pocket වැනි නිෂ්පාදන ගොඩනඟන්නෙමු.
